දෙවියන්ට යවන සංදේශය


අතීතයේ දවසක
ප්‍රොමිතියස් පැතූ සේ
ඔහු හොරෙන් ගෙනවිත්
තෑගි කල
ගිනි පුපුරෙන්
දියුණු වී
ගිනි පුපුරද
දියුණු කල
මිනිසා
ඒ ගින්නෙන්ම,
එකිනෙකා දවා ගෙන
විනාශ වී යන
දිනය
වැඩි ඈතක නොවන බව
දන්වා යවන්න සියුස් හට
පැන්ඩෝරා අතේ එවූ
මංජුසාව,ඔහු පැතූ සේම
ක්‍රියාත්මක වූ බව
කියන්න
මිනිසාට දඬුවම් කිරීමට
තිබූ ආශාව
ලඟදීම ඉෂ්ඨ වන බව.
දන්වා යවන්න.
එයද අහිමිවී ඇති බව
අනිවාර්යයෙන් කියන්න!
කුමක්ද?
වැරදීමකින්
මංජුසාවේ දමා එවූ
.
.
.
“බලාපොරොත්තුව…!”

Continue reading

Advertisements
Posted in අමුතු කථා, අමුතු කවි | 3 Comments

පම්පෝරියක්!


මේක පම්පෝරියක්! මට කෑ ගහල කියන්න ඕන දෙයක්!
මම හතර වෙනි පාර ඒ ලෙවල් කරලා රිසල්ට්ස් මේ දැන් බැලුවා!!!
පොඩ්ඩක් ඉන්න!
කතාව පටන් ගන්නෙ එතනින් නෙමෙයි.ඊලඟ ජනවාරි වල පෞද්ගලික විශ්ව විද්‍යාලයක 3 වන වසර පටන් ගන්න ඉන්න එකෙක් මේ අවුරුද්දෙ හතර වෙනි පාරට ඒ ලෙවල් කලේ මොන මගුලටද කියල ස්ලිට් එක ගැන නොදන්න අය හිතනව ඇති.

Continue reading

Posted in අමුතු සීන් | 7 Comments

ස්ක්‍රීන් කැප්චර් ලේසියෙන් බෙදා හදාගන්න-ගූගල් ටූල් එකක්


බ්ලොග් පෝස්ට් එකක් දාන්න තියා වෙන කිසිම වැඩක් කරන්න හිතේ පිරියක් නැතුව 😦  (වර්ල්ඩ් කප් එක පැරදිච්ච නිසා) ඉන්න වෙලාවක තමයි මෙන්න මේ ගැජට් කෑල්ල හම්බුනේ.

මේක නිකන්ම ෆේස්බුක් එකේ share කරල වැඩක් නෑ කියල හිතුනු නිස ඔන්න බ්ලොග් පෝට් එකක්ම දෙනවා!

ඔන්න පටන් ගන්නකොටම කියන්නෙ මේක ගූගල් ටූල් එකක්,ක්‍රෝමියම් බ්‍රව්සර් එකක්(Google chrome,chrome plus,Rockmelt) පාවිච්චි කරන්නෙ නැත්නම් ඔයාට මේ ටූල් එකෙන් වැඩක් ගන්න බෑ!

Continue reading

Posted in අමුතු තාක්ෂන | 10 Comments

සමාජ ජාල රොක් කරන අලුත් බ්‍රව්සරය: රොක් මෙල්ට්!!!


මං මේ බ්‍රව්සරය ගැන දැනගත්තේ විජය පරිගනක පත්තරෙන්.

පොඩි කාලේ(2001) ඉඳන් ගත්තු පත්තරේ,තාමත් ගත්තට පාඩු නෑ කියල හිතෙන්නෙ මේ වගේ අලුත් දේවල් ඉක්මනට දැනගන්න ලැබෙනකොටයි. 😀

පත්තරේ විස්තරේ ගියාට පස්සෙ මන් හිතුවෙ ගොඩක් අය මේ බ්‍රව්සර් එක පාවිච්චි කරන්න පටන් ගනී කියලයි.ඒත් එහෙම නෑ වගේ.  😦

ගොඩක් අය මේකෙ තියන අලුත් features දන්නේ නැති නිසා කම්මැලි හිතිල පරන පුරුදු firefox,chrome වලට ගිහින්.මමත් කාලයක්(විතර) පාවිච්චි කලාම තමා වෙනස තේරුනේ.

Continue reading

Posted in අමුතු තාක්ෂන | 6 Comments

අළුත් බ්ලොග් එක….


මේ බ්ලොග් ලියන වැඩේ මුලදි හිතට ඇල්ලුවට පස්සෙ පස්සෙ කවුරුවත් කියවන්නෙ නෑ වගේ දැනුනම එපා වෙනවා 😦 එත් දැන් මාර්ක් අයියා අපිට නෙට්වර්ක් බ්ලොග්ස් කියල අලුත් ගැජමැටික් එකක් FB එකේ හදල දීල තියන නිසා මන් කල්පනා කලේ අලුතෙන්ම බ්ලොග් එකක් හදල ලියන්න පටන් ගන්නයි…දැන් තියන පුරස්නෙ බ්ලොග්ස්පොට් එකක් පටන් ගන්නවද සුපුරුදු වචන මුද්‍රකයම පාවිච්චියට ගන්නවද කියලා….මට නම් හිතෙන්නෙ බ්ලොග්ස්පොට් එකේ පොස්ට් එකක් දාන එක ලේසියි වගේ WP එකට වඩා…. :-/
Posted in අමුතු කථා, අමුතු සීන් | 1 Comment

‘මාක්’ පෙරලූ පොත


මං මේ බ්ලොග් එක පටන් ගත්තේ මොකක් හරි විශේෂ දෙයක්,විශේෂ ලිපියක් විතරක් දාන්න හිතාගෙන….ඒත් දැන් මට සිද්ධවෙන දේවලුත් මේකෙ දාන්න හිතෙනවා…
යස අගේට තිබ්බ මගේ Facebook profile එක Disable කොරලා..!!!මොකෙක් හරි පිස්සෙක් ඒක හැක් කරලා වගේ.ඒත් Facebook team එකෙන් ඇහුවම කියන්නේ මන් ඒ ගොල්ලන්ගේ නීති කඩ කරලලු.මන් ඒක් අයුතු ලෙස පාවිච්චි කොරනවලු.බලන්න අනේ මේ බෝ-පැලයක් වගේ ඉන්න මට කොරන චෝදනා!!!මටත් ටිකක් තද වුනා.හැබැයි වලියෙන් ප්‍රස්නෙ විසඳන්න බැරි නිසා මං පෝරමයක් පුරෝලා විද්‍යුත් ලිපියක් දාලම බැලුවා.මෙන්න මුං එවපු ලියුමේ තිබ්බ ඒවා.මගේ ප්‍රොපයිල් එක ඩිසේබල් කොරන්න හේතු විදියට කියන්නෙ ඔය පහල තියෙන එව්වා.
Posted in අමුතු කවි, අමුතු සීන් | 7 Comments

“ඉන්ටනැෂනල් රිපෝටර්”


මං මේ බ්ලොග් ගැන ජීවිතේ පලවෙනි පාරට අහපු දවසෙම හිතුවේ මෙහෙම අපි එක් එක වෙබ් සයිට් වල ලියන දේවල් කියවන්නෙ කවුද කියලා…මං හිතුව වගේම මං පටන් ගත්තු එක බ්ලොග් එකක් වත් කියවපු අය 5 දෙනෙකුට වඩා නෑ.ඒත් මම ලියනවා…මෙහෙම වෙලාවට අර ඔර්හාන් පමුක් නොබෙල් තෑග්ග ගනිද්දි කියපු කතාව මතක් වෙනවා…
Posted in අමුතු කථා, අමුතු සීන්, දේශපාලන | 1 Comment