වෙස් මුහුණූ

තොවිල්,කෝලම්,නාට්‍ය වලට ගන්නා වෙස් මුහුණූ මම පලමු වරට දුටුවේ තාත්තා හා අක්කා සමග කොළඹ කෞතුකාගාරයට ගිය දිනයේ විය යුතුය.
අපේ තාත්තාද එවැනි වෙස් මුහුණූ පැලඳ, යකා නටමින්, යකුන් ගෙන් වැඩගන්නා ගුරුන්න්නාන්සේ කෙනෙකු බව මට තේරුම් ගියේ සෑහෙන කාලයකට පසුවය.
තාත්තා වැඩගන්නේ යකඩ යක්කුන්ගෙනි.
ඕනෑම වර්ගයක,හැඩයක,ප්‍රමානයක යකඩයක් අපේ තාත්තා වෙස් මුහුණූ දාගෙන නටන නැටුමෙන් පසු මෙල්ල වී,තාත්තාට ඔනෑ හැඩයකට,ප්‍රමානයකට වෙනස් වේ.

තාත්තා වෙස් මුහුණූ පලදින්නේ වැඩකරන විට පමනක් නොවේ. අනෙක් වෙලාවටද තාත්තා රලු වෙස් මුහුණක් පැලඳ සිටී.
ඒත් ඒ වෙස් මුහුණට යටින් ඇත්තේ ආදරය, කරුනාව පිරුනු මුහුණක් බව කවුරුත් නොකීවාට අපි හොදින් දනිමු.
දවසක බුකියේ තිබූ සටහනක් මෙසේ විය,


“තාත්තාගේ ආදරය කොන්දොස්තරගේ ඉතුරු රුපියල වැනිය, නොඉල්ලූවාට එය තිබෙන බව දෙදෙනාම හොදින් දනිති.”

ඉඳහිට මොහොතක අපි කරන කියන දෑ දිහා බලා, ඉබේම වාගේ ඒ වෙස් මුහුණ යටින් ආඩම්බරයෙන් හා සන්තෝසයෙන් පිරි හිනාවක් ඇඳෙනු මම දැක ඇත්තෙමි.
අක්කාගේ මගුල් ගෙදරදීද, අක්කා රට ගිය දිනයේද, ඉන් පසු දවස් කීපයකද, වෙස් මුහුණෙන් හංගාගෙන සිටින ඒ මුහුණේ වේදනාවක් හා කඳූලක් රැදී තිබෙනු මම දැක ඇත්තෙමි.
මේවා දැන් දැනත් මම ඒ රළු වෙස් මුහුණ ගලවන්නට උත්සහ නොකරමි. ඒ මුහුණේ තාත්තාටම ගැලපෙන ගාම්භීර බවක් ඇත. එය එසේම තිබුනාවේ යැයි මම සිතාගෙන ඇත්තෙමි.

අපේ ගෙදරට ඇතුල් වෙද්දි දකුනු පැත්තෙන් පෙනෙන්නේ තාත්තා යකුන් සමග ඔට්ටුවන වැඩපල ය.
වෙන සිහියකින් නැටුමකට ගොස් පදයක් වැරදී යකඩ යකා උදහස් වී තාත්තාගේ දකුනු අත කැඩූ දින සිට වැඩපල පාළුවට ගිහින් ය.

දනිස කැඩුනත්, ඇගිලි කැපුනත්, අත් දෙකම දෙවාරයකට කැඩුනත්, යකඩ යකුන් සමග ඔට්ටු වීම තාත්තා නවත්වන එකක් නැත.
ඇඟ හයිය නැති බව දැන් දැනත් එසේ ඔට්ටු වීමට තාත්තා ආසා කරන්නේ හිත හයිය නිසාය.

කැඩුනු අත හදාගෙන තාත්තා එනතුරු වැඩපලේ බිත්තියේ එල්ලී හූල්ලමින් ඉන්නා වෙස් මුහුණූ දෙකක් මගේ කැමරාව දැක තිබුනේ මෙහෙම ය.

 

_DIR5598-2.JPG

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to වෙස් මුහුණූ

  1. කිරියා @ L.R says:

    කාලෙකින් උනාට ලස්සනට ලියල තියෙනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s