පලවෙනි කොම්පියුටරේ

අද හීතල වැඩී.ටයිම් ටේබලේ හැටියට දවසටම තියෙන්නෙත් ලැබ් දෙකක් විතරයි ඉතුරු වෙලාවෙ කොමන් රූම් එකට වෙලා උඩ බලං ඉන්න හරි කට්ටිය සෙට් වුනොත් වල් පල් කියව කියව ඉන්න තමා වෙන්නෙ.ගෙදෙට්ට වෙලා පලක් ඇති වැඩක් කරගන්න ඕන.
දවස ගත වුනා ඒත් පලක් ඇති වැඩක් නම් කෙරුනෙ නෑ නින්දක් දාලා හවස ඇහැරිල කල්පනා කරද්දි මතක් වුනේ….අද පෙබරවාරි 15
එතකොට තමා මට මතක් වුනේ අදින් හරියටම අවුරුදු 9කට කලින් 2003 අද වගේ  දවසක තමයි තාත්තා මට මගේ පලවෙනි කොම්පියුටරේ අරන් දුන්නේ.

3,4 වසර වලදි ගමේ ගිහින් එහේ අයියල 3න් දෙනා(නැන්දගේ පුතාලා) ගෙන්නල විකුනන කොම්පියුටර් දැකපු දවස් වල ඉඳන් හිතේ තිබ්බ ආසාව ඉස්ට වුනේ එදා.

අළුත්ම කොම්පීතරයක් අරන් දෙන්න  තරම් වත්කමක් නොතිබුනු නිසා තාත්තා අඳුනන අයගෙන් අහලා සෙකන්ඩ් හෑන්ඩ් computer විකුනන තැන් දෙක තුනකට ගිහින් බැලුවා.ඒත් අඩුවට තියනව කියපු තැන එදා වහලා.එදා මං ගෙදර ඇවිත් ඇඳට වෙලා හූල්ල හූල්ල(ලාවට වගේ අඬ්ලා) නිදාගත්තා.

ඊලඟ සතියෙ (පෙබරවාරි 15) එදා සෙනසුරාද දවසක්.කලින් කියපු තැනට යන්න ඕන නෑ වෙන තැනකින් අදම ගම්මු කියලා තාත්ත කිව්වා. අපි දෙන්නටම ඔය කොම්පීටර් ගැන කිසි දැනුමක් නැති නිසා අර කලින් කියාපු අයියල 3න් දෙනාගෙන් බාලයත් අපිත් එක්ක ආවා හොඳ එකක් තෝරල දෙන්න.

Alpha Digital Computers එකෙන් තමා ගත්තේ.ඒ කාලෙ නම් ඒ ගොල්ලො ලඟ හොඳ බඩු තිබ්බ හොඳ After Sale Service එකකුත් තිබ්බ.(ඒත් පස්සෙ ඒක බාල වුනා.දැන්නම් කොහොමද කියන්න දන්නෙ නෑ)

Intel Pentium II , 200 Mhz ,32MB RAM , 2MB VGA, 2 GB Hard Disk

කොහොමද ? හෙන පවර්ෆුල් කොම්පියුටරේ නේ? 🙂

ඒ වගේ අඩු ෆීචර්ස් තිබුනත් ඒ කාලෙ හැටියට ඒක සෑහෙන වැඩක් කරගන්න පුලුවන් විදියෙ කොම්පීතරයක්. 🙂
ඒකට ගෙව්වෙ 13 500/- යි.

මට තාම මතකයි ඒකෙ මොනිටරේ සිස්ටම් යුනිට් එක(ඒ කාලෙ කිව්වෙ සී.පී.යූ කියල) ස්පීකර් සෙට් එක වෙන වෙනම ත්‍රී-වීල් එකක දාගෙන පොඩ්ඩක් වත් හෙල්ලෙන්න නොදී සෑහෙන්න පරිස්සමකිං ගෙදර ගෙනාපු හැටි.ගෙදර ගෙනාවට ඔය කෑලි ටික එකට මූට්ටු කරලා ඒකට පන ගන්න හැටිවත් මම දන්නෙ නෑ  😛 අර අයිය තමා ඒවත් කරල දුන්නෙ.

අපරාදෙ කියන්න බෑ ගෙනල්ල දවසෙන් ඒක කැඩුනා.අයියත් වොරන්ටිය වොයිඩ් නොවෙන්න පරිස්සමට කොම්පීටරේ ගලවලා දන්න සෙල්ලං ඔක්කොම දාල බැලුවා.ම්හු! හරි ගියේ නෑ.පස්සෙ ගත්තු තැනටම ගෙනිහින් තමා හදාගත්තෙ.

ඔන්න ඔය වගේ මට මගේ පලවෙනි කම්පියුටරේ සම්බන්ධ සිද්ධි ටික තාමත් හිතේ ඇඳිල තියනවා. 🙂
ඒකෙ ඉස්සෙල්ලම ගියේ සවුන්ඩ් කාඩ් එක.
ඊට පස්සෙ(2006) මං වෙන එකක් ගත්තා Pentium III 600Mhz,128 MB , 6GB
මගේ ඊලඟ කොම්පීටරේ වුනේ 2009 සැප්තැම්බර් වල විතර හම්බුනු AMD 1Ghz ප්‍රොසෙසරයයි බෝඩ් එකටයි අනිත් කෑලි ටික දාල හදාගත්තු එකක්.
අන්තිමට ඒකත් ලෙඩ දෙන්න ගත්තට පස්සෙ මම දැන් පාවිච්චි කරන Dual Core 3.0Ghz,1GB Ram,64MB VGA බෝඩ් එකයි ප්‍රොසෙසරෙයි ගත්තෙ.ඕවයෙ හාඩ් ඩිස්ක්,කී බෝඩ්,මවුස්, ඩීවීඩී රොම් වගේ කෑලි එකින් එක එක එක කාල වලදි අරගෙන හයි කරගත්තුවා.

මෑතක් වෙනකන් ම  මගේ පලවෙනි කම්පියුටරේ අවශේෂ කොටස් මගේ ලඟ තිබුනා.ඒත් දැනට පාවිච්චි කරන්න පුලුවන් කොටසකට තියෙන්නෙ ස්පීකර් ජෝඩුව විතරයි.
අනිත් කොටස් දැන් තාත්තා , හාඩ් ඩිස්ක් ගලවලා ඒවයෙ කාන්දම් ගන්න,පවර් යුනිට් ගලවලා ඒවයෙ ෆෑන් ගන්න,ස්විච් කෑලි ගන්න,මොනිටරේ පිටිපස්සෙ පෙට්ටියෙන් මල් පෝච්චි හදන්න වගේ විවිධ ‘ප්‍රයෝජනවත්’ වැඩ වලට අරගෙන.   😛

ඕ…න්න ඔහොමයි ඉතිං මට මගේ පලවෙනි කොම්පීටරේ ගත්තු කතාව මතක තියෙන්නෙ. 🙂

Advertisements
This entry was posted in අමුතු කථා, අමුතු මතක. Bookmark the permalink.

5 Responses to පලවෙනි කොම්පියුටරේ

  1. සමීර ආර්. says:

    හ හා….
    මමනම් මුලින්ම ගත්ත එක තමා තාම තියෙන්නෙ. ඩුවෙක් කෝර්

  2. Andrew Dex says:

    Maxxa story ahh… Looks like everyone can’t forget the first computer in life… 🙂

  3. වයලීනෝ says:

    හරිම සකසුරුවම් විදියට පාවිච්චි කරලා තියෙනවා . හැක හැක හැක

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s