වෙස් මුහුණූ


තොවිල්,කෝලම්,නාට්‍ය වලට ගන්නා වෙස් මුහුණූ මම පලමු වරට දුටුවේ තාත්තා හා අක්කා සමග කොළඹ කෞතුකාගාරයට ගිය දිනයේ විය යුතුය.
අපේ තාත්තාද එවැනි වෙස් මුහුණූ පැලඳ, යකා නටමින්, යකුන් ගෙන් වැඩගන්නා ගුරුන්න්නාන්සේ කෙනෙකු බව මට තේරුම් ගියේ සෑහෙන කාලයකට පසුවය.
තාත්තා වැඩගන්නේ යකඩ යක්කුන්ගෙනි.
ඕනෑම වර්ගයක,හැඩයක,ප්‍රමානයක යකඩයක් අපේ තාත්තා වෙස් මුහුණූ දාගෙන නටන නැටුමෙන් පසු මෙල්ල වී,තාත්තාට ඔනෑ හැඩයකට,ප්‍රමානයකට වෙනස් වේ.

තාත්තා වෙස් මුහුණූ පලදින්නේ වැඩකරන විට පමනක් නොවේ. අනෙක් වෙලාවටද තාත්තා රලු වෙස් මුහුණක් පැලඳ සිටී.
ඒත් ඒ වෙස් මුහුණට යටින් ඇත්තේ ආදරය, කරුනාව පිරුනු මුහුණක් බව කවුරුත් නොකීවාට අපි හොදින් දනිමු.
දවසක බුකියේ තිබූ සටහනක් මෙසේ විය,

Continue reading

Advertisements
Posted in Uncategorized | 1 Comment

ඉස්පිරිතාල ජීවිතේ


ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 11 වාට්ටුවේ 41වෙනි ඇඳේ සිට ලියමි …

Image

 

Continue reading

Posted in අමුතු කථා, අමුතු මතක, අමුතු ෆොටෝ | 7 Comments

යහන්ගල චාරිකාව – 2


යහන්ගල චාරිකාව -1

වෙලාව උදේ හතරයි පනහයි(4.50) යි.

ගමන් මළු ඔක්කොම සූදානම්.

ඇඳුම් බෑග් එකයි, පාට පෙට්ටි,පොත්,පෑන් පැන්සල් පුරවපු පෙට්ටියයි,තව සෙල්ලම් බඩු දාපු බෑග් එකයි, කිලෝ 3ක් 4ක් බර ටෙන්ට් එකයි, කරේ එල්ලං යන වතුර බෝතලයයි. හරි!

ඊයෙ රෑ ලේස්ති කරගත්තු බඩු ටික ඔක්කොම ආයෙත් චෙක් කලා. ලේස්ති කරගත්ත කීවට උදේ නැගිටලා අම්ම මතක් කරද්දි තමා බාගයක් දේවල් අමතක වෙලා කියල තේරුනේ. දනි පනි ගාල ඒ ටිකත් බෑග් වලට ඔබාගත්තෙ පහ(5:00) වෙද්දි අනුරුද්ධගෙ වෑන් එක එනව කියපු නිසා.

ඔක්කොම සූදානම් කරගෙන ඇඳ පැලඳගෙන බුදු පහන ලඟට ගියේ රත්නත්‍රයේ පිහිටෙන්,දෙවියන්ගෙ ආරක්ෂාවෙන් අතුරු ආන්තරාවක් නැතුව ගමන ගිහින් ආපහු එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන.

Continue reading

Posted in අමුතු ගමන්, අමුතු මතක, අමුතු ෆොටෝ, ෆොටෝග්‍රැෆි | 4 Comments

යහන්ගල චාරිකාව


ඇඟට දැනුනු සීතලත් එක්කම මට ඉබේටම වගේ ඇහැරුනා.ඇස් දෙක ඇරලා හරි බරි ගැහිලා නිදාගෙන හිටි ඉරියව්වෙන්ම හිටියත් මගේ හිත හොඳටම අවදි වෙලා. ඔලුවට තියාගෙන හිටි තැනට උඩින් තියල තිබුනු බෑග් එකට අත දාලා ඔරලෝසුව ගත්තා.

වෙලාව බලන්නෙ කොහොමද? තාමත් ඝන කලුවර.
ආයෙත් අතදාලා ෆෝන් එක අරන් වෙලාව බැලුවා.
“05:20”
වෙනදා මෙච්චර වේලාසන නැගිට්ටොත් කලින් දැකපු හීනෙත් මතක් කර කර ආයෙත් අනිත් පැත්ත හැරිලා නිදාගන්න මම අද හීතලටද මන්දා ආයෙත් නින්ද යන්නැති ගානට අවදි වෙලා.

හීතලට ගල් ගැහුනු කබ කඩ කඩා,ඇඟ උඩින් දමාගෙන හිටි බෙඩ්ශීට් එකත් ඇඟ වටේ පොරවගෙන හිමින් සැරේ ඔලුව උස්සලා බැලුවා.තාමත් එකෙක්වත් ඇහැරලා නෑ.සීතලට පොරවගෙන නිදි.හිමිහිට නැගිටලා ටෙන්ට් රෙද්දෙන් එලියට අඩිය තිබ්බා.රෑ පින්නට හීතල වුනු ගල්ලෙනේ බිම පස් පොලව තවත් හීතලයි.හනිකට කකුල් දෙක සෙරෙප්පු දෙකට බස්සපු මම ගල් ලෙනෙන් එලියට බැහැලා වට පිට බැලුවා.

Continue reading

Posted in අමුතු ගමන්, අමුතු මතක, ෆොටෝග්‍රැෆි | 1 Comment

විස්මිත සිහින දකින්නා


2012 දෙසැම්බර් 16  වන දිනට යෙදුනු ආතර්.සී.ක්ලාක් විද්වතානන්ගේ වෙනි 95 වෙනි ජන්ම දිනය නිමිත්තෙන්, ලාංකේය විද්්‍යා ප්‍රබන්ධ කෙටි කතා කලාවේ පුරෝගාමියෙකු වන දමිත නිපුණජිත් විසින් රචිත, 2009 රාජ්්‍ය සාහිත්්‍ය සම්මාන උළලේ හොඳම විද්්‍යා ප්‍රබන්ධ කෘතියට හිමි සම්මානය දිනාගත්, විස්මිත සිහින දකින්නා කෘතියෙන් උපුටා ගන්නා ලද කෙටි කතාවකි…

Continue reading

Posted in අමුතු කථා | Leave a comment

පලවෙනි කොම්පියුටරේ


අද හීතල වැඩී.ටයිම් ටේබලේ හැටියට දවසටම තියෙන්නෙත් ලැබ් දෙකක් විතරයි ඉතුරු වෙලාවෙ කොමන් රූම් එකට වෙලා උඩ බලං ඉන්න හරි කට්ටිය සෙට් වුනොත් වල් පල් කියව කියව ඉන්න තමා වෙන්නෙ.ගෙදෙට්ට වෙලා පලක් ඇති වැඩක් කරගන්න ඕන.
දවස ගත වුනා ඒත් පලක් ඇති වැඩක් නම් කෙරුනෙ නෑ නින්දක් දාලා හවස ඇහැරිල කල්පනා කරද්දි මතක් වුනේ….අද පෙබරවාරි 15
එතකොට තමා මට මතක් වුනේ අදින් හරියටම අවුරුදු 9කට කලින් 2003 අද වගේ  දවසක තමයි තාත්තා මට මගේ පලවෙනි කොම්පියුටරේ අරන් දුන්නේ.

Continue reading

Posted in අමුතු කථා, අමුතු මතක | 5 Comments

චාල්ස් ගුඩ්ඉයර්ගේ කතාව


සමහරවිට මේ නම අහල නැති වුනත් පාරෙ තොටේදි මෙන්න මේ GOODYEAR ලාංඡනේ නම් කවුරුත් දැකල ඇති. නමුත් චාර්ල්ස් ගුඩ්ඉයර් කියන්නෙ මේ ගුඩ්ඉයර් ටයර් සමාගමට එතරම් සම්බන්ධයක් තියන කෙනෙක් නෙමෙයි. මේ කතාව පටන් ගන්නෙ අවුරුදු 270 ගානකට කලින් සිද්දවුනු සිද්දියකින්… ප්‍රංශ … Continue reading

Gallery | Tagged | 4 Comments